11 August 2025

logo

ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක්



ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් එක්සත් ජනපද නිලධාරීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම එම ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙක්, එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියේ තම නිලධාරීන්ට එල්ල වන ප්‍රහාර එක්සත් ජනපදය නොඉවසන බවයි.

(colombotimes.lk)