17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට විශේෂ දිනයක්



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වනදා නම් කර තිබෙනවා.

අද (28) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මහ මැතිවරණයේ කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (28) ආරම්භ වුණා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ වෙනුවෙන් 8,000ක පමණ සේවක පිරිසක් යොදවා තිබෙන බවයි.

(colombotimes.lk)