11 August 2025

logo

බොලිවියාවේ හදිසි තත්ත්වයක්



බොලිවියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එරට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොලිවියාවේ ලැව්ගිනි 72ක් මේ වන විට සක්‍රීයව පවතින බවයි.

ඒ හේතුවෙන් වනාන්තර භූමි හෙක්ටයාර මිලියන 3කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

දින කිහිපයක සිට බොලිවියාවේ දරුණු ලැව් ගිනි ආපදා කිහිපයක් පැතිර ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් එරට ලා පාස් අගනුවර ඇතුළු නගර කිහිපයකම වායු ගුණාත්මක බව පහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2010 වසරෙන් පසුව බොලිවියාවෙන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ මෙම වසරේදී බවයි.

(colombotimes.lk)