10 January 2026

logo

වැට් බදු කිහිපයකට කරන්න යන දේ අනුර කියයි



ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සඳහා එක්කර තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල ඉතා අඩු කාලයකදී අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)