29 January 2026

logo

තලෙයිබාන් නීතීවලට ඇෆ්ගනිස්තාන් කාන්තාවන්ගේ විරෝධය



තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන් කාන්තාවන් සඳහා නව නීති පද්ධතියක් පසුගිය දා ප්‍රකාශ කළා.

එම නීතීවලට විරෝධය දක්වමින් ඇෆ්ගනිස්තාන් කාන්තාවන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

'කාන්තා කටහඬට තහනමක් නොමැත' යන තේමාව යටතේ එරට කාන්තාවන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කාන්තාවන් ගීත ගායන කරන හා ඔවුන්ගේ හඬ දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

(colombotimes.lk)