11 August 2025

logo

වසර 8කට පසු ඇමරිකානු ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකවරයෙක් චීනයට



ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan අද (27) චීනයට ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ විදේශ අමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව ඔහු අද (27) සිට 29 වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ ආරක්ෂක උපදේශකවරයෙක් චීනයට ගොස් ඇත්තේ වසර 8කට පසුවයි.

මෙම සංචාරය, දෙරට නායකයන් Los Angeles හමුවේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
(colombotimes.lk)