11 August 2025

logo

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට වයස් සීමාවක්



ඔස්ට්‍රේලියානු රජය විසින් දරුවන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම සඳහා අවම වයස් සීමාවක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ  ඒ සඳහා මේ වසරේ නීති සම්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

දරුවන් හට සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කිරීම තහනම් කිරීමේ අරමුණින් මෙලෙස වයස් මට්ටම් තහවුරු කිරීමට තීරණය කර තිබෙන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම වයස් සීමාව තීරණය කර නොමැති බවත් වයස අවුරුදු 14,16 පසුවන දරුවන් සඳහා මෙම සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඔවුන් අපේක්ෂා කර තිබෙන බවයි.

(colombotimes.lk)