29 January 2026

logo

හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්



ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වාගෙන යන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මරමස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා පුද්ගලයන් 1,800ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

(colombotimes.lk)