15 June 2025


ගාසා හි අල්-ෂිෆා රෝහලේ ප්‍රධානියාට මාස 7කට පසු නිදහස



ගාසා හි අල්-ෂිෆා රෝහලේ ප්‍රධානියා මාස හතකට වැඩි කාලයක් ඊශ්‍රායලය විසින් රඳවා තබා ගැනීමෙන් පසු නිදහස් කර තිබෙනවා.

ඊශ්‍රායල සිරගෙවල්වල සිටින පලස්තීන සිරකරුවන්ගේ වර්තමාන තත්ත්වය වෙන කවරදාටත් වඩා නරක යැයි තමා සිතන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඔහුගේ පාලනය යටතේ ඇති අල්-ෂිෆා රෝහල හමාස් අණ සහ පාලන මධ්‍යස්ථානයක් ලෙස සේවය කළ බවට සාක්ෂි ඇති බවයි.

නමුත් හමාස් සහ රෝහල් පරිපාලනය මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ඇමතිවරුන් සහ දේශපාලනඥයන් ගණනාවක් ඔහුගේ නිදහස් කිරීම හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)