11 August 2025

logo

ඇමරිකානු ජනපතිගේ පුත් වරද පිළිගනියි



ඇමරිකානු ජනාධිපති Joe Bidenගේ පුත් Hunter Bidenට එරෙහිව එල්ල වී තිබූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයේදී ඔහු පිළිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා නවයටම වරදකරු බව ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටදී ඔහු පිළිගත් බවයි.

ඒ හේතුවෙන් ඔහුට වසර 17ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමට හැකියාවක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
(colombotimes.lk)