29 January 2026

logo

ඉන්දීය සුපිරි නළුවෙක් රිය අනතුරකට ලක් වෙයි



ඉන්දීය දමිළ නළු ජීවා සහ ඔහුගේ බිරිඳ සුප්‍රියා තමිල්නාඩුවේ කල්කුරිච්චි ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන අතර අදාළ මෝටර් රථය පෙරළී ගොස් මාර්ගය දෙපස තිබෙන බාධකයක ද ගැටී ඇති බවයි.

මෙම අනතුරින් ජීවා සහ සුප්‍රියා තුවාල ලබා තිබෙනවා.  

(colombotimes.lk)