11 August 2025

logo

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්



ගාසා තීරයේ පාසලකට ඊයේ (13) ඊශ්‍රායලය විසින් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් මිය ගොස් ඇති අතර 50 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.

මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි මධ්‍යම ගාසා තීරයේ අල්-මුෆ්ටි පාසලටයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රතු කුරුස සංවිධානය මඟින් තුවාල ලබන පිරිස්වලට ප්‍රතිකාර කිරීම නොනවත්වා සිදු කරන අතර රෝහල්වල සැපයුම් අවසන් වෙමින් පවතින බවයි.

(colombotimes.lk)