11 August 2025

logo

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක්



හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

එසේ මියගිය පුද්ගලයන් අතරින් 04 දෙනෙක් කෘෂි කර්මාන්තයේ යෙදී සිටි තායිලන්ත ජාතිකයන් බව වාර්තා වනවා.

ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ලෙබනනයට මායිම්ව පිහිටි මෙටුලා නගරයයි.  

(colombotimes.lk)