11 August 2025

logo

ඉරානයේ ටෙහෙරානයට ප්‍රහාරයක්



ඊශ්‍රායලය විසින් ඉරාන හමුදාව ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේ පසුගිය මාස කිහිපය පුරාවට ඉරානය එල්ල කළ අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එම ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.

පිපිරීම් ගණනාවක් ටෙහෙරාන් අගනුවර අවට ඇසුණු බවත් ඒවා කුමන ප්‍රදේශවලට එල්ල වූවාද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා කළ නොහැකි බවත් ඉරාන මාධ්‍ය පවසනවා.

ඉරානයේ ගුවන් ආරක්ෂන පද්ධතිය සක්‍රීයවීමෙන් අදාළ පිපිරුම් ශබ්ද නිකුත් විය හැකි බවත් විදෙස් වාර්තාවල සඳහන්.

ඊශ්‍රායල හමුදාව පෙන්වා දෙන්නේ තම රටට පහරදීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතුව ඇති බවයි.

(colombotimes.lk)