17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මාලිමාවට එරෙහිව එක් වේදිකාවක් ගොඩනැගීමට පාර්ශව කිහිපයක උත්සාහයක් - අනුර



ජාතික ජන බලවේගයට එරෙහිව එක් වේදිකාවක් ගොඩනැගීමට පාර්ශව කිහිපයක් උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ දේශපාලන පොරපිටිය පෙළගැසී ඇති ආකාරය විමර්ශනය කිරීමේදී ජාතික ජන බලවේගයට මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බව සහතික බවයි.

එමෙන්ම ජනතාවගේ අරමුණ සහ පාලකයින්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (30) පැවති වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)