10 January 2026

logo

ඇති නැති සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන බව අනුර මහනුවරදී කියයි



මාලිමා ආණ්ඩුවකින් නීතිය ඉදිරියේ සැවොම සමානයි යන වැකියට පණ දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක  පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර මහයියාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

ඉතිහාසයේ පළමු වතාවට වරප්‍රසාද අත්හරින ආණ්ඩුවක් සැප්තැම්බර් 21න් පසු බිහිවෙන බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)