15 June 2025


අරාබි මුහුද රළු වෙයි - ධීවරයන්ට රතු එළි



නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු අක්ෂාංශ 06 - 20 සහ නැගෙනහිර දේශාංශ 55 - 70ත් යන ප්‍රදේශ ආශ්‍රිතව පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,
 
(colombotimes.lk)