29 January 2026

logo

දකුණු ලෙබනනයට ප්‍රහාරයක් - 10කට දිවි අහිමි වෙයි



දකුණු ලෙබනනයේ Nabatieh නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස මියගිය 10දෙනා සිරියානු පුරවැසියන් බවයි.

හිස්බුල්ලා සටන්කාමීන් භාවිතා කළ අවි ගබඩාවක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

(colombotimes.lk)