02 April 2025

INTERNATIONAL
POLITICAL


අගෝස්තු 15 මැතිවරණ කොමිසමට දැඩි ආරක්ෂාවක්



2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ එදින මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බවයි.

ඒ සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

(colombotimes.lk)