11 August 2025

logo

අගෝස්තු 28 පාකිස්ථානයේ දැවැන්ත වැඩ වර්ජනයක්



එළඹෙන 28 වනදා පාකිස්ථානය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එරට ව්‍යාපාරිකයන් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව බදු යෝජනා ක්‍රමයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

ටජීර් ඩොස්ත් නමින් හඳුන්වන එම බදු ක්‍රමය පිළි­ගත නොහැකි බවත් කඩිනමින් එය නතර කරන ලෙසත් ඉල්ලා එරට වෙළෙඳ සංගම් ඒකා­බද්ධ වැඩ වර්ජ­නයක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මීට පෙර නගර 6කට පම­ණක් සීමා වූ මෙම බදු ක්‍රමය මේ වන විට පාකිස්ථානයේ තවත් නගර 40කට පමණ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාර හිමි­යන් රජ­යට චෝදනා කළ බව ද වාර්තා වේ.

(colombotimes.lk)