29 January 2026

logo

බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි



බංගලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

එරට වේලාවෙන් පස්වරු 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මෙය ප්‍රකාශ කර තිබෙන බවයි.

ශිෂ්‍ය විරෝධතාකරුවන් හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බවත් නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)