29 January 2026

logo

බංගලාදේශ හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසත් ගිනිබත් කරයි



බංගලාදේශ අගමැතිනි ෂේක් හසීනා තම ධූරයෙන් ඉල්ලා අස් වී රට හැරයාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එරට විරෝධතාකරුවන් බංගලාදේශයේ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසටද ගිනි තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විරෝධතාකරුවන් හසීනාගේ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලයටත් ගිනිතබා ඇති අතර එහි සභාපති සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ නිවසටද හානි සිදු කර ඇති බවයි. 

(colombotimes.lk)