11 August 2025

logo

බංගලාදේශයේ විරෝධතාවය දරුණු අතට - 32කට දිවි අහිමි වෙයි



බංගලාදේශයේ ඇති වී තිබෙන විරෝධතාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් තිස් දෙකකට දිවි අහිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ රැකියා සඳහා ආන්දෝලනාත්මක කෝටා ක්‍රමයක් යළි ස්ථාපිත කිරීමට එරෙහිව මෙම විරෝධතාවය හට ගත් බවයි.

ඒ අනුව මේ වන විට එරට සමාජ මාධ්‍යයද සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.   

(colombotimes.lk)