29 January 2026

logo

ඉන්දීය ගුවන්යානා 10කට බෝම්බ තර්ජන



ගත වූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන්යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් විවිධ ගුවන් තොටුපොළවල ත්‍රස්ත මර්ධන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බවයි.

ගුවන්යානාවල බෝම්බ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල තර්ජන පළ කළ ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඒවා අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.


(colombotimes.lk)