29 January 2026

logo

ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා වසා දමයි



ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ එලෙස මියගොස් ඇත්තේ ඊශ්‍රායල සිවිල් ජාතිකයන් තිදෙනෙක් බවයි.

ජෝර්දානයේ සිට ට්‍රක් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

මේ හේතුවෙන් ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා පිවිසුම ජෝර්දානය දෙසින් වසා දමා විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)