11 August 2025

logo

අයිෆල් කුළුණේ ඔලිම්පික් වළලු තබා ගැනීම ගැන මතභේදයක්



පැරීසියේ නගරාධිපතිනී ඈන් හිල්ඩාගෝ අයිෆල් කුළුණේ සවි කර තිබෙන ඔලිම්ක් වළලු තවදුරටත් තබා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් උළලේ එකඟතාවය ලබාගෙන තිබෙනවා.

ඇතැම් ජනතාව එයට එකඟ වූවත් තවත් පිරිසක් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා විරෝධතාවයක් පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.

පැරිසියේ නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රීඩා උළෙල අවසන් වුවත් සිහිවටනයක් ලෙස එය තබා ගැනීමට අදහස් කරන බවයි.

(colombotimes.lk)