22 July 2025

logo

සරල බදු ක්‍රමයකට රට පරිවර්තනය කරනවා - නාමල්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිසි වැඩපිළිවෙළක් තිබෙන බව එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ රටේ ග්‍රාමීය ආර්ථිකය මෙන්ම ව්‍යාපාරිකයාවද, ව්‍යවසායකයාවද රැකිය යුතු බවයි.

අසීමිත බදු බරකින් ව්‍යාපාරිකයන්ව සහ ව්‍යවසායකයන්ව ආරක්ෂා කළ නොහැකි බව ඔහු සඳහන් කළා.

ඒ අනුව සරල බදු ක්‍රමයකට මේ රට පරිවර්තනය කරන බවත් මිනිසුන්ට දරා ගත හැකි ලෙස බදු අඩු කරන බවත් ඔහු කියා සිටියා.

ඉංගිරිය ප්‍රදේශයේ අද (29) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)