උතුරු වියට්නාමයේ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ යාගි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 127ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් තවත් පුද්ගලයන් 54දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි.
මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට මිලියන 1.5ක ජනතාවකට විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)