17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


දමිතා සජබයේ ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ?



පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් නිසාවෙන් නම් සමගි ජන බලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් බවට රංගන ශිල්පිනි දමිතා අබේරත්න චෝදනා කරනවා.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාම යෝජනා එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූවානම් පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී තමන්ගේ නම ඒ වෙනුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි. 

(colombotimes.lk)