29 January 2026

logo

පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ගණන ඉහළට



පාකිස්ථානයේ බලෝකිස්ථාන ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධි කිහිපයකින් පුද්ගලයින් 70ක් පමණ දැනට මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 26 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළුන් සහ පොලිස් නිලධාරින් 14 දෙනෙක් මියගිය බවයි.

එමෙන්ම පාකිස්ථානයේ ලස්බෙලා දිස්ත්‍රික්කයේ බෙලා නගරයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන ඉලක්ක කරගමින් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදීන් 21ක් මිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)