29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉහළට



ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 87ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාර වලින් පුද්ගලයන් 40ට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශයේ සන්නිවේදන සහ අන්තර්ජාල සේවා ඇනහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්ද අඩාල වී තිබෙනවා.


(colombotimes.lk)