08 November 2024


ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුරට ලබා දෙනවා - රනිල්



නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ දියුණු වන තාක්ෂණික ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවයි.

එමෙන්ම ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකයින්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යන් ආදි ක්ෂේත්‍රයන්වල පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මහරගම තරුණ සේවා සභාවේ අද (30) පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)