17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමට කුසපත් අදියි



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාරවලට කාලය වෙන් කිරීම සඳහා කුසපත් ඇදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ නාම යෝජනා පත්‍රයක් භාරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩායමකටම ගුවන් ප්‍රචාර පහසුකම් ලබා දිය යුතු බවයි.

ඒ සඳහා කුසපත් ඇඳීමේ කටයුතු හෙට (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඒ සඳහා 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වලංගු නාම යෝජනා පත්‍ර භාරදී ඇති පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට හෝ ලිඛිතව බලය පැවරූ නියෝජිතයන්ට පමණක් සහභාගී විය හැකි බවයි.

(colombotimes.lk)