11 January 2026

logo

පූර්ව මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් තවත් ඉහළට



පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (07) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 209ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)