දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස Elon Musk පත් කරන බව තම මැතිවරණ රැළියකදී ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව හිටපු ජනපතිවරයා වැඩි දුරටත් පවසා ඇති බවයි.
සමස්ත ෆෙඩරල් රජයම Elon Musk කොමිසම මඟින් විගණනය කරන අතර දැඩි ප්‍රතිසංස්කරණ යෝජනා කරන බවද ඔහු ප්‍රකාශ කළා.
අවස්ථාවක් ලැබෙන්නේ නම් තමන් ඇමරිකාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් බව ඊට ප්‍රතිචාර දක්වමින් Elon Musk ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)