22 November 2024


ප්‍රදේශ කිහිපයක ජනතාවට ගං වතුර අවධානමක් ගැන අනතුරු ඇඟවීම්



දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 3කින් විවෘත කර තිබෙනවා. 

ඒ පවතින අධික වර්ෂාව හේතුවෙන්. 

ඒ අනුව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 
 
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 
 
ඒ පහත පරිදියි... 
 
  1. කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම නෝර්වුඩ් ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර මේ වනවිට එහි අගය මීටර් 2.05ක් ලෙස සටහන් වන අතර එය අවධානයෙන් පසුවිය යුතු මට්ටමේ පවතිනවා. 
  2. කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ඉහළගොස් ඇති අතර එහි අගය මීටර් 5.87ක් ලෙස සටහන් වනවා. 
  3. නිල්වලා ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළගොස් තිබෙන අතර එය පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 5.59ක් ලෙස සටහන් වනවා. (එහි අගය තවදුරටත් ඉහළයමින් පවතින අතර එය මීටර් 6ක් දක්වා වර්ධනය වුවහොත් එය සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි) 
  4. වලවේ ගඟේ ජල මට්ටම මොරකැටිය ප්‍රදේශයෙන් ඉහළයමින් පවතින අතර එහි අගය සටහන් වන්නේ 2.86ක් ලෙසයි. (මෙම අගය අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් වනවා) 
  5. අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් මීටර් 4.88ක් ලෙස සටහන් වන අතර එය සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සටහන් වනවා.
(colombotimes.lk)