28 October 2025

logo
INTERNATIONAL
POLITICAL


දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට ගංවතුර අනතුරු ඇඟවීමක්



දැදුරුඔය ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන් වාරියපොල,නිකවැරටිය,මහව,කොබෙයිගනේ,බිංගිරිය,පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
ඒ අනුව දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)