19 April 2025

INTERNATIONAL
POLITICAL


බංගලාදේශයේ ගංවතුරෙන් පුද්ගලයන් 59කට දිවි අහිමි වෙයි



බංගලාදේශයට බලපා තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙක් සිටින බවයි.

බංගලාදේශයේ දිස්ත්‍රික්ක 64න් 11කට මෙම ගංවතුර හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් පවතින ගංවතුර තත්ත්වය බැස යාමට පටන් ගෙන ඇති අතර තවදුරටත් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන් වී තිබෙනවා.

(colomobtimes.lk)