29 January 2026

logo

ඉන්දියාවේ ගංවතුර ජීවිත 27ක් බිලි ගනියි



ඉන්දියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඉන් මරණ 15 ක් වාර්තා වන්නේ තෙලංගනා ප්‍රාන්තයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වර්ෂාවත් සමඟ එම ප්‍රාන්තවල ගංගා පිටාර ගැලීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙන බවයි.
 
එමෙන්ම දුම්රිය ගමන්වාර සිය ගණනක් අවලංගු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.

(colombotimes.lk)