11 August 2025

logo

දකුණු කොරියානු ජනාධිපතිටත් උතුරෙන් කුණු බැලූන්



උතුරු කොරියාවෙන් එවන ලද අපද්‍රව්‍ය රැගත් බැලූන දකුණු කොරියාවේ සෝල් අගනුවර ජනාධිපති කාර්යාල පරිශ්‍රයට පතිත වී ඇති බව බලධාරීන් පවසනවා.

දකුණු කොරියානු නායකයාගේ කාර්යාලයට මෙම අපද්‍රව්‍ය බැලූන පතිත වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම බැලූන එකතු කිරීම සඳහා රසායනික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී යුද ප්‍රතිචාර කණ්ඩායමක් යවා ඇති බව ජනාධිපති ආරක්ෂක අංශය පවසනවා.

(colombotimes.lk)