11 August 2025

logo

ගාසා තීරයේ වැසියන් දැඩි ආහාර අර්බුදයක



ඊශ්‍රායල ප්‍රහාර තීව්‍රවීම හේතුවෙන් සති දෙකකින් පමණ ගාසා තීරයට ආහාර ලැබී නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඒ අනුව ආහාර, ජලය ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළුවීම සඳහා ඉඩ සලසා දෙන ලෙස ඇමරිකානු උප ජනපති කමලා හැරිස් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කළ යුතු බවයි.

මේ වන විට ගාසා තීරයේ ළමුන් විශාල පිරිසක් විවිධ රෝගාබාධවලට ගොඳුරු වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)