29 January 2026

logo

ගාසා යුද ගැටුම්වලට වසරක් සපිරෙයි



ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට (07) වසරක් ගත වනවා.

පසුගිය ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟම දෙපාර්ශවයන් අතර මෙම යුද ගැටුම් ආරම්භ වුණා.

එම යුද්ධයේදී සිවිල් වැසියන් 41,870කට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසරක සැමරුම් සඳහා දහස් ගණනක් ජනතාව ටෙල්අවීව් වෙත රැස් වී සිටින බවයි.

පසුගිය වසරේ අද වැනි දිනක ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් 1,205 දෙනෙක් මියගොස් තිබෙනවා.    

(colombotimes.lk)