11 August 2025

logo

ඩුබායිහී නීති විරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්



එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එය අද (01) සිට ඔක්තෝබර් 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එහිදී වලංගු වීසා නොමැතිව එරට රැඳි සිටින පුද්ගලයන්ට සහ සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව රැකියාවල නියතු වූවන්ට දඩ මුදල් අය කිරීමකින් තොරව එරටින් බැහැර වීමට අවකාශ සැලසෙනවා.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සඳහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)