29 January 2026

logo

ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනට ගොඩබිම් ප්‍රහාර



ඊශ්‍රායල හමුදාව හා හිස්බුල්ලා සන්විධානය අතර පළමුවරට ගොඩබිම් ගැටුම් ආරම්භ වී තිබෙනවා.

ඒ ඉරානය ඊශ්‍රායලට එල්ල කල ප්‍රහාර මාලාවත් සමඟයි.

ඊශ්‍රායල අගමැති සඳහන් කර තිබෙන්නේ ඉරානයේ සහාය ලබන ත්‍රස්තයින්ට විරුද්ධ යුද්ධයේ උච්චතම අවස්ථාවට ඔවුන් ලඟා වී ඇති බවයි.

මේ වන විට ගැටුම්වලින් ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

ඔවුන් මෙලෙස ගොඩබිම් ප්‍රහාර ක්‍රියාත්මක ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලද සහාය ද ඇතිවයි.

(colombotimes.lk)