29 January 2026

logo

සටන් විරාම කොන්දේසි හමාස් ප්‍රතික්ෂේප කරයි



ගසාහී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ආ සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් කටාර්හී දින දෙකක සාකච්ඡා වටයක් පවත්වා ඇති බවයි.

එහිදී ඉදිරිපත් වූ යෝජනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉදිරි සති අන්තයේ දී නැවත වරක් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයට යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)