11 August 2025

logo

උතුරු කොරියාවෙන් කසළ පිරවූ බැලුන් සිය ගණනක් දකුණු කොරියාවට



තවත් කසල පිරවූ බැලුම් සිය ගණනක් උතුරු කොරියාව විසින් තම රටට පා කර එවා ඇති බව දකුණු කොරියාව පවසනවා.

ඊයේ (06) දියත් කළ බැලුම් 190ත් සමඟින් උතුරු කොරියාව පසුගිය දින 03 තුළ පමණක් කසළ බැලූන් 900කට වැඩි ප්‍රමාණයක් දකුණු කොරියාවට පා කර එවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ  මැයි මාසයේ සිට කඩදාසි හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරවූ බැලූන් 5000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට යවා ඇති බවයි.

(colombotimes.lk)