17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඉලංගෙයි තමිළ් අරසු කච්චි මහ මැතිවරණයට තනිව තරග කිරීමට සූදානමක්



ඉලංගෙයි තමිළ් අරසු පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළා.

ඒ ඊයේ (02) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගෙන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.

කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව මහ මැතිවරණයට තරග කළ යුතු බවයි.

ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කළා.

(colombotimes.lk)