17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ලක්ෂ 04ක් ගැලවෙයි



මේ දක්වා නීති විරෝධී මැතිවරණ පෝස්ටර් 436,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට වැඩි ප්‍රමාණයක් පොලීසිය විසින් ඉවත් කර තිබෙන බවයි.

එමෙන්ම මේ දක්වා මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයන් 65 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)