19 April 2025

INTERNATIONAL
POLITICAL


ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගනියි



ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවදානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක් මෙලෙස තහනමට ලක්වී ඇති බවයි.

ඉන්දියාවේ ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම එලෙස තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)