11 August 2025

logo

ජපාන අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියාවට



ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බවයි.

මේ අතර ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම මාසයේදී ඉල්ලා අස් වන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය එළඹෙන 27 වනදා ඡන්දයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)